Contact Us

Contact Us

Tuesday, November 10, 2015

Xiaomi yi කැමරාවෙන් ගත්ත වීඩියෝ එකක්


පිටරට කපල් එකක් ලංකාවට ආපු වෙලාවක Xiaomi yi කැමරාවෙන් ගත්ත වීඩියෝ සෙට් එකක්

Tuesday, November 3, 2015

Xiaomi Mobile app

Xiaomi සමාගම විසින් මේ වන විට Xiaomi yi ඇප් එකේ 2.0 වන සංස්කරණය නිකුත් කරල තියනවා. ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් platform දෙකේම භාවිතා කරන්න පුලුවන් Yi Camera කියන ඇප් එක free download කරගන්න ඔයාලට පුලුවන්.

Download කර ගැනීමට Google Play හා iTunes ලින්ක්
               
             For Android OS
             For Apple OS



Monday, November 2, 2015

කැමරාවේ Buttons සහ Ports


Buttons

මෙම කැමරාවේ button තුනක් අන්තර්ගත වෙනවා.  

#1 - Power button - කැමරාව on කිරීමට, off කිරීමට හා ඡායාරූප හා වීඩියෝ යන mode දෙක අතර මාරු වීමට. 

#2 - Stutter button - ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ mode එකේ නම් වීඩොයෝ පටිගත කිරීම ආරම්භ කිරීමට හා අවසන් කිරීමට.

#3 - Wifi button - wifi on  කිරීම හා off කිරීම.



Ports


#4 - 1/4" tripod mount (selfie-stick, tripod හා monopod වැනි දේ වල කැමරාව සවි කර ගැනීමට)

#5 - Micro SD Slot (64Gb දක්වා භාවිතා කළ හැකිය. අවම වශයෙන් 4Gb වත් තිබිය යුතුය.)

#6 - USB (කැමරාව චාජ් කිරීමට හා පරිගණකය හා සම්බන්ධ කර ගැනීමට)

#7 - HDMI (කැමරාව TV එකක් හා සම්බන්ධ කර ඡායාරූප/ වීඩියෝ නැරබීමට)

#8 - Battery clip 

#9 - LED Indicators 






Sunday, October 25, 2015

මොකක්ද මේ Xiaomi yi

      සරලවම කිව්වොත් මේක කැමරාවක්. හැබයි මේක ඔයාල හැමදාම දකින විවිධ වර්ගයේ කැමරා වලට වඩා වෙනස්. බැලූ බැල්මට සෙල්ලම් බඩුවක් වගේ පෙනවාත් ඇති. ඒත්  මේක ගොඩක් බල සම්පන්න කැමරාවක්. එහෙම කියන්නෙ මේක හදල තියන තාක්ශණයයි මෙකෙන් කරන්න පුලුවන් වැඩ වලයි තියන ගුනාත්මක භාවය නිසා.  මේ කැමරාවෙ තාක්ශණික පසුබිම හා අනෙකුත් විශේෂංග ගැන වෙනම ලිපියක් පසුව ලියන්නම්. මේ කැමරාවෙ wide angle ලෙන්ස් එකක් තියෙන්නෙ. අංශක 155 ක පරාසයක් මේ කැමරාවෙ රාමුවට එකවර හසුකරගන්න පුලුවන්. මේ දවස් වල බොහෝ පිරිස් selfie ගන්නවා. කණ්ඩායමක් එක්ක සාමාන්‍ය කැමරාවකින්, නැත්තම් phone  එකෙන් selfie එකක් ගන්නකොට කැමරාව ගොඩක් ඈත් කරන්න වෙනවා. නමුත් මේ  කැමරාවෙ තියන wide angle lens එක නිසා එහෙම ඔනෙ වෙන්නෙ නෑ.   දිය යට ඡායාරූප ගන්න, වීඩියෝ කරන්නත් මේ කැමරාව බහුලවම භාවිතා වෙනවා.




     



මේ කැමරාවේ තියන විශේෂත්වයක් තමයි ඔයාගෙ ස්මාට්ෆෝන්  එකත් එක්ක කැමරාව wifi හරහා සම්බන්ද කරන්න පුලුවන් වීම. මේ සදහා yi camera කියන app එක ඔයාගෙ ෆෝන් එකේ install කරගන්න ඕනෙ. කැමරාව  සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ මේ app එකෙන්. ඡායාරූප, වීඩියෝ වගේම තවත් mode කිහිපයක් මේ කැමරාවේ අන්තර්ගත වෙනවා. මේ ඕනම mode එකකට මාරු වෙන්න, ඡායාරූප ගන්න, කැමරාවේ සියලු සැකසුම් වෙනස් කරන්න වගේම කැමරාවේ බැටරි ප්‍රතිශතය බලා ගන්නත් මේ app එකෙන් පුලුවන්.